Gossips

ඕස්ට්‍රේලියාවේ උණුසුම් කාලගුණය තවදුරටත්

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 8ටම බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය තවදුරටත් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
මහාමාර්ගවල තාර උණු වන තරම් දැඩි උණුසුමක් එහි පවතින අතර, දහස් සංඛ්‍යාත වන සතුන් සහ මත්ස්‍ය සම්පත විනාශ වෙමින් පවතින බව ද වාර්තා වනවා.
විශේෂයෙන් දකුණුදිග ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් පවතින අතර ඇඩිලේඞ් නුවර උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 46.6 දක්වා ඉහළ ගියා.
මේ නිසා දිවා කාලයේ නිවෙස්වලට වී සිටින ලෙසත් විජලනයෙන් වැළකී සිටීමට පියවර ගන්නා ලෙසත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ එරට වැසියන්ට උපදෙස් දී තිබෙනවා.