Gossips

ඕස්ට්‍රේලියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු දේශපාලනයෙන් සමු ගැනීමේ සූදානමක්

ඕස්ට්‍රේලියාවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට සූදානමක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ මැයි මාසයේදී වන අතර, එරට දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ එම තීරණය හේතුවෙන් එරට පාලක පක්ෂය ඉදිරි මැතිවරණයේදී දැඩි පසුබෑමට ලක්විය හැකි බවයි.
මෙලෙස ඉවත් වීමට තීරණය කර ඇති අමාත්‍යවරුන් දෙදෙනා මේ වනවිට ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ආරක්ෂක කර්මාන්ත අමාත්‍ය ධුරය හොබවනවා.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා ඉවත් වීමට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.