ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන දිවා රාත්‍රී පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වුනේ ඕස්ට්‍රේලියාවට වැඩි ගෞරව අත්කර දෙමින්.
දෙවන දිනය වූ අද (25) දිනට තරඟය ආරම්භ වන විට ඕස්ට්‍රේලියාව සිට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 02ක් දැවී ලකුණු 72ක් රැස්කරගෙන සිටියා.
ඒ අනුව ඕස්ට්‍රේලියා ඔවුන්ගේ ඉතිරි කඩුලු 08 තුලදී තවත් ලකුණු 251ක් අද දින තුලදී සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගන්නට සමත් වුණා.
ලකුණු 323ක් රැස්කරගෙන ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම අවසන් කළේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 179ක් ඉදිරියෙන් සිටිමින්.
එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Marnus Labuschagne ලකුණු 81ක් රැස්කළ අතර Travis Head ලකුණු 84ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 02ක් බිඳ දැමුවා.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 179ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ දෙවන දිනය අවසන් වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටියා.
තරඟයේ දෙවන දිනය වූ අද දිනයේ යැවූ අවසන් පන්දුවේදී දිමුත් කරුණාරත්න දවා ගනිමින් තමන්ට වැඩි වාසි අත්වන අයුරින් දෙවන දිනය අවසන් කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුණා.