Gossips

ඕස්ට්‍රේලියාවට මුල් තැන

ඕස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් හි පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසානයේ ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 80ක් ඇතුළු පදක්කම් 198ක් ජයග්‍රහණය කොට ප්‍රමුඛස්ථානය හිමි කරගෙන තිබෙනවා.
රන් පදක්කම් 45ක් සමඟ පදක්කකම් 136ක් ජය ගත් එංගලන්තය දෙවන ස්ථානය හිමි කර ගත් අතර, රන් පදක්කම් 26ක් සමඟ පදක්කම් 66ක් දිනූ ඉන්දියාවට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.
කැනඩාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පිළිවෙලින් 4 වන, 5 වන සහ 06 වන ස්ථාන හිමි කරගෙන තිබෙනවා.
රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟින් පදක්කම් 6ක් දිනූ ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 31 වන ස්ථානයයි.