Gossips

ඕස්ට්‍රේලියාවට ජය

ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ සමත්වුණා.
බ්‍රිස්බේන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දු වාර 17 ක් අවසානයේ කඩුලූ 4ක් බිඳ වැටී ලකුණු 158ක් රැස් කළා.
පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරිම සඳහා පන්දුවාර 17ක් තුළ ලකුණු 174ක ඉලක්කයක් හිමිවුණා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දු වාර 17 හමුවේ ලබාගත හැකිවූයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 169 ක් පමණයි.