Gossips

ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පුහුණු තරඟයේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති තෙදින දිවා රාත්‍රී පුහුණු තරඟය අද (19) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 316ක් ලබා සිටි අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම ක්‍රීඩා කිරීමට ආරාධනා කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5කට ලකුණු 176ක් ලබා සිටි අවස්ථාවේ ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 140ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 3කට ලකුණු 224ක් ලබාසිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
ඒ අනුව ලකුණු 364 ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අවසානය වන විට ලබා ගත හැකි වුයේ කඩුලු 6කට ලකුණු 131ක් පමණයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමේ Kurtis Patterson තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත් අතර ඔහු තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 157ක් සහ දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණා.