Gossips

ඕස්ට්‍රේලියාවට උප නායකයින් දෙදෙනෙක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක සදහා ඕස්ට්‍රේලියාව නව උප නායකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා.
ඒ අනුව, ට්‍රැවිස් හෙඩ් සහ පැට් කමීන්ස් උප නායකයන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර එම තනතුරු දැරූ මිචෙල් මාෂ් සහ ජොෂ් හේසල්වුඩ් මෙම ටෙස්ට් තරඟ දෙක සදහා සහභාගි වන්නේ නැහැ.
ජොෂ් හේසල්වුඩ් හදිසි ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරඟයට සහභාගි නොවන අතර, මිචෙල් මාෂ් ඉන්දියාව සමඟ පසුගියදා පැවති තරඟවලදී දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් විවේක ගන්වා තිබෙනවා.