Gossips

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කෙරේ – ස්මිත් සහ වෝනර් යළි කණ්ඩායමට

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ වරදට වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් නැවතත් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නම් කර තිබෙනවා.
ඒ, 2019 ලෝක කුසලාන සංචිතය සඳහා ඔවුන් දෙදෙනාද එක් කිරීමෙන්.
ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම අද නම් කෙරුණු අතර, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ ආරොන් ෆින්ච්ටයි.
උස්මාන් කවාජා, මාකස් ස්ටොයිනිස්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක්ද කණ්ඩායමට ඇතුළත් වන අතර, පසුගියදා එක්සත් අරාබී එමීරයේ ක්‍රිකට් සංචාරයක නිරත වූ නවක ක්‍රීඩකයන් ඊට එක්කර නැහැ.
ඕස්ට්‍රේලියාව මෙවර තරඟ වදින්නේ සිය 05 වන ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුණෙන්.