Gossips

ඕස්ට්‍රේලියානු ලැව් ගින්න ඇවිලූ එකක්දැයි සැකයක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිවාසවලට තර්ජනයක් වී ඇති මහා ලැව්ගින්න කිසිවෙකු විසින් සිතා මතා අවුලුවන ලද්දක්දැයි සැකයක් මතුවන බව එරට පොලීසිය පවසනවා.
ලැව්ගින්නෙන් මේ වනවිට සිඩ්නි නුවර තදාසන්නයේ අක්කර 2500 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, අනතුරුදායක ප්‍රදේශයේ සිටින නිවැසියන්ට ඉවත්වන ලෙස දැනුම්දීමක්ද කර ඇති බව සඳහන්.
කෙසේ නමුත් සිඩ්නි අයත් නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත ගිනි නිවන සේවාව සඳහන් කළේ මේ වනවිට ගින්න බොහෝදුරට පාලනය කර ඇති බවයි.
එමෙන්ම මෙය සිතා මතා සිදුකරන ලද්දක් නම් ගිනි නිවන භටයන්ගේ සහ ජනතාවගේ ජීවිත අවදානමට ලක් කිරීම එහි අරමුණදැයි සැකයක් මතුවන බව ගිනි නිවන සේවාව වැඩිදුරටත් සඳහන් කළා.
නිරිතදිග ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, දැඩි සුළං තත්ත්වයක්ද දක්නට ලැබෙනවා.
එය ලැව්ගිනි පැතිර යාමට හේතුවී ඇති අතර, ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදාගැනෙන බව ඕස්ට්‍රේලියානු වාර්තා සඳහන් කළා.