Gossips

ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන්

පන්දුව පළුදු කිරීමේ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ස්ටීවන් ස්මිත් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන් පත්කර තිබෙනවා.
මෙම තරඟාවලිය තුලදී ටිම් පේන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරනවා.
පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස් වුණා.
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයකදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු කේප්ටවුන් ක්‍රීඩාංගණයේ කැමරාවල සටහන් වී තිබූ අතර, පසුව පැවති මාධ්‍ය හමුවකදී නායක ස්ටීවන් ස්මිත් කියා සිටියේ ඒ පිළිබඳව තමන් ද දැන සිටි බවයි.