ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ස්ටීවන් ස්මිත්ට, ඩේවිඩ් වෝනර්ට සහ කැමරන් බැන්ක්රොෆ්ට පනවා ඇති තරඟ තහනම ලිහිල් කරන ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය කළ ඉල්ලීම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කළ තිබෙනවා.
දැනට පනවා ඇති තහනම කිසිදු ආකාරයකින් ලිහිල් නොකරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟාවලියේදී පන්දුව පළුඳු කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ මෙම ක්‍රීඩකයින්ට මාස 12ක් සහ මාස 9ක් වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තහනමක් පනවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීයි.