පන්දුව පළුදු කිරීමේ චෝදනාවලින් අපකීර්තියට පත් වු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සම්බන්ධයෙන් වන වාර්තාව එළිදැක්වීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති ඩේවිඩ් පීවර් ඉල්ලා අස්වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ පසුගිය මාර්තු මාසයේ පැවති ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනා මත ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් යන ක්‍රීඩකයන්ට ක්‍රිකට් තරඟ තහනමක් පැනවුණා.
ඒ සම්බන්ධයෙන් සිඩ්නි නුවර ස්වාධීන ආයතනයක් මඟින් දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුවයි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිවරයා ඉල්ලා අස්වී ඇත්තේ.
