Gossips

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සහ උප නායකයා ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකාව සමඟ කේප් ටවුන් හි පැවැත්වෙන ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරඟ සඳහා ඔවුන් එම තනතුරුවලින් ඉවත් වන බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ස්ටීවන් ස්මිත් නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට එරට ක්‍රීඩා කොමිසම ද ඉල්ලීමක් කර තිබුණා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු කේප්ටවුන් ක්‍රීඩාංගණයේ කැමරාවල සටහන් වී තිබූ අතර, පසුව පැවති මාධ්‍ය හමුවකදී නායක ස්ටීවන් ස්මිත් කියා සිටියේ ඒ පිළිබඳව තමන් ද දැන සිටි බවයි.
කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.