Gossips

ඕස්ට්‍රේලියානු අගමැති නායකත්ව අභියෝගය ජය ගනී

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඔහුට එරෙහිව එල්ල වූ නායකත්ව අභියෝගය ජය ගැනීමට අද (21) සමත් වුණා.
ඔහුට එරෙහිව පක්ෂ නායකත්වය සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩට්න් ඉදිරිපත් වූ අතර, ඒ වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණේ අනපේක්ෂිත අයුරින්.
එහිදී ඡන්ද 48ට 35ක් ලෙස ජයග්‍රහණය කිරීමට අගමැති මැල්කම් ටර්න්බුල් සමත් වුණා.
කම්කරු පක්ෂයේ නායකත්වය අහිමි වූයේ නම්, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වීමේ අවදානමක් පැවති බව සඳහන්.