Gossips

ඕමාන තෙල් ඇමතිගෙන් ප්‍රකාශයක්

ලෝකයේ තෙල් මිල පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානයට වඩා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ ඉවහල් වන බව ඕමාන තෙල් අමාත්‍යවරයා පවසනවා.
ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ රැස්වීමක් ඇල්ජීරියාවේ ආරම්භවීමට නියමිතව තිබියදී ඕමාන ඛනිජ තෙල් අමාත්‍ය මොහොමඩ් අල් රූමි මේ බව කියා සිටියේ තෙල් මිල පහත දැමීමට ඔපෙක් සංවිධානය කටයුතු කළ යුතු බවට ජනපති ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයකට පිලිතුරු සපයමින්.
ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 80 කට ආසන්න වී ඇති අතර, මේ වසර තුළ තෙල් මිල සියයට 18 කින් ඉහළ ගියා.
කෙසේ නමුත් මීට පෙර ජනපති ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියනයකින් ඉහළ නැංවීමට ඔපෙක් සංවිධානය කටයුතු කර තිබෙනවා.
එහෙත් තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා යාම ඇමරිකාවේ මැදපෙදිග සගයෙකු වන සෞදි අරාබිය විසින්ද අනුමත කර ඇති බව සඳහන්.
එමෙන්ම ඉරානයේ සැපයුම අඩාලවීම හමුවේ නිෂ්පාදනය ඉහළ නැංවීම පහසු කටයුත්තක් නොවන බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.