Gossips

ඕමන්තේ දුම්රිය අනතුරෙන් තුවාල ලබා සිටි හය හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා ස්වීඩනයට (ඡායාරූප)

වවුනියාව, ඕමන්ත, පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ දී පසුගිය 16 වනදා සිදුවූ දුම්රිය අනතුරෙන් බරපතල තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හයක දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩන්වෙත රැගෙන යාමට ඊයේ (24) කටයුතුකර තිබෙනවා.
දැරියගේ ඥාතීන්ගේ ඉල්ලීමකට අනුව ස්වීඩනයේ සිට පැමිණි වෛද්‍යවරු කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපොළ සිට වවුනියාව දක්වා හෙලිකොප්ටර් යානයකින් පැමිණ දැරිය වවුනියාව රෝහලෙන් භාරගෙන ස්වීඩනයට රැගෙන යාමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අදාල දැරිය ප්‍රථමයෙන් සිංගප්පූරුවවෙත රැගෙන ගොස් එහිදී ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ස්වීඩනය වෙත ගෙනයන බවයි දැරියගේ ඥාතීන් පැවසුවේ.
පසුගිය 16 වනදා සිදුවූ දුම්රිය අනතුරින් දැරියගේ මව ජිවිතක්ෂයට පත්වූ අතර පියා මේ වන විටත් ප්‍රතිකාර ලබන්නේ යාපනය රෝහලේයි.
ස්වීඩනයේ පුරවැසියන් වන මෙම පිරිස නිවාඩුවක් සඳහා යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ ඇති අතර සිය ඥාතීන් බැලීමට පණ්රිකෙයිදකුලම ප්‍රදේශ‍යට යන අවස්ථාවේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය යාපනය සිට මාතර බලා ධාවනය වු දුම්රියේ ගැටිමෙන් අනතුරට ලක්වුණා.
මෙම අනතුරෙන් කාන්තාවන් සිව්දෙනක් ජීවිතක්ෂයට පත්වූ අතර කුඩා දරුවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලැබුවා.




ඡායාරූප – වවුනියාව, රොමේෂ් මධුසංක / දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය