රත්නපුර – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථානයක නිදන් හාරමින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර එම විහාරස්ථානයේම වැඩ විසූ 65 හැවිරිදි හිමිනමක ද සිටින බවයි.
අනෙකුත් සැකකරුවන් ආනමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 22, 25 සහ 52 හැවිරිදි වියේ පසුවනවා.
