Gossips

ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම්ව සිටින්නැයි චීන ජනපති ෂී ජින්පින් හමුදාවෙන් ඉල්ලයි

ලෝකය සියවසකින් නුදුටු වෙනස්කම්වලට භාජනය වෙමින් පවතින අතර, ඕනෑම මොහොතක පැනනැගිය හැකි යුද්ධයකට මුහුණදීමට සූදානම් වන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් එරට හමුදා වෙතින් ඉල්ලීමක් කළා.
චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයාද වන ඔහු කියා සිටියේ එහිදී නවීන ක්‍රමෝපායන්ගෙන් සන්නද්ධ වෙමින් ඒ සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
චීනයේ හමුදා ප්‍රධානීන් අමතමින් ඔහු ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැන නැගී ඇති වෙළඳ යුද්ධය මෙන්ම තායිවානය පිළිබඳ ප්‍රවණතාවන්ද පැහැදිළි කර තිබෙනවා.
දකුණු චීන මුහුදේ පවතින උණුසුම් වාතාවරණයද එහිදී ඔහුගේ සැළකිල්ලට ලක්වී ඇති කරුණක්.