ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජය ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ නව වසර උදාව වෙනුවෙන් අද පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
