Gossips

ඕනෑම මැතිවරණයකට සුදානම් – ඇමති ගයන්ත

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ ඊයේ (15) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එසේම දේශපාලන කටයුතුවල නිරතවන විට ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ හැකියාව පැවතිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.