අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා පවසනවා.
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී හමුවු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාගේ පස්දින සංචාරයේ දෙවන දිනය අදයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව එහිදී ජපාන අධිරාජ්‍යයා සිය සතුට පළ කර ඇති අතර, දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා එමඟින් තවත් තහවුරු වු බව අකිහිතෝ අධිරාජ්‍යයා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව ටෝකියෝ නුවර දි පැවති ජපාන – ශ්‍රී ලංකා ආයෝජන සමුළුවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වුණා.
ජපානයේ වෙසෙන මහා සංඝ රත්නය, පූජකවරුන් සහ ශ්‍රී ලාංකිකයන්ද ජනාධිපතිවරයා අද පස්වරුවේ හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.