Gossips

ඔස්ලෝ සම්මුතිය, නීති පද්ධතියට එක් කිරීමට කැබිනට් අනුමැතිය

පොකුරු බෝම්බ වැළැක්වීම පිළිබඳ වන ප්‍රඥප්තිය හෙවත් ඔස්ලෝ සම්මුතිය මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව මානුෂීය නිරායුධකරණය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් ලෙසට ජාත්‍යන්තරය තුල ප්‍රතිරූපයක් ගොඩනැංවීම මෙහි අරමුණයි.
ඔස්ලෝ සම්මුතිය පනත් කෙටුම්පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබෙනවා.