Gossips

ඔස්මන් ගුණසේකරගේ බිරිඳ ජීව උණ්ඩ සමග අත්අඩංගුවට

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ගම්පහ ඔස්මන් ගුණසේකර නැමැත්තාගේ බිරිඳ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 46 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය අසනීප තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත්ව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියාසිටියේ.
අද දහවල් ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා සමග නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද එක්ව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි ඔස්මන් ගුණසේකරගේ නිවෙස විශේෂ සෝදිසියකට ලක්කර ඇත්තේ.
ගම්පහ බෝධිපාර ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ජීව උණ්ඩවලට අමතරව පිස්තෝල ගිනි අවි තාක්ෂණය ඇතුලත් ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත පොතක් ද සොයාගෙන තිබෙනවා.
නිවසේ හිමිකරු වන ඔස්මන් ගුණසේකර නැමැත්තා මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා.
ගම්පහ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.