ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ජස්ටින් ලැන්ගර් නම්කර තිබෙනවා.
ඒ මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙසට කටයුතු කළ ඩැරන් ලීමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.
පසුගියදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවීම හේතුවෙනුයි ඔහු ඉල්ලා අස්වූයේ.
එම චෝදනා හේතුවෙන් එල්ලවූ අපකීර්තිය දුරු කර ගනිමින් කණ්ඩායමේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම නව පුහුණුකරුවෙකු පත්කර ගැනීම තුලින් ඔස්ට්‍රේලියාවේ අපේක්ෂාව බව විචාරකයන් පෙන්වා දෙනවා.
ජස්ටින් ලැන්ගර් ප්‍රධාන පුහුණුකරු ලෙසට පත්වීමෙන් පසු ඔහුගේ පළමු තරගාවලිය වන්නේ ලබන ජුනි මාසයේ එංගලන්තය සමග පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියයි.
47 හැවිරිදි ජස්ටින් ලැන්ගර් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් ද වනවා.
ඔහු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 105 කට ක්‍රීඩා කර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7696 ක්.
එක්දින තරග 8 කින් ලකුණු 160 ක් ලබාගෙන තිබෙනවා.
1997 වසරේ එක්දින පිටියට සමුදුන් ජස්ටින් ලැන්ගර් 2007 වසරේ ටෙස්ට් පිටියට සමුදුන්නා.
ඔහු මේ වන විට බටහිර ඔස්ට්‍රේලියා සහ පර්ත් කණ්ඩායම්වල පුහුණුකරු ලෙසටයි කටයුතු කරමින් සිටින්නේ.
ඒ අනුව එම ධුරයෙන් ඉවත්වි ජස්ටින් ලැන්ගර් ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට වසර 4 ක කාලයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.
