එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු යැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
තස්මේනියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඇඩම් ග්රිරිෆ්ට් සහ එංගලන්තයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායම් වල පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් ඇති ට්‍රොයි කූලි මෙලෙස පුහුණුකරුවන් ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජස්ටින් ලැන්ගර් ප්‍රධාන පුහුණුකරු ලෙසත් රිකී පොන්ටින් පිතිකරු උපදේශකයෙකු ලෙසත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මේ වනවිට කටයුතු කරනවා.
