ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
90 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ ඩොල්බි රඟහලේදීයි.
සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ගැරී ඕල්ඩ්මන් හිමිකරගෙන තිබෙනවා.
ඒ ඩාකස්ට් අවර් චිත්‍රපටය වෙනුවෙන්.
හොඳම නිලිය සම්මානය ප්‍රාම්සස් මැක් ඩෝමන් විසින් හිමිකර ගනු ලැබුවේ ත්‍රී බිල්බෝඞ්ස් අවුට් සයිඩ් එබින් මිසොරි චිත්‍රපටය වෙනුවෙන්.
ද ෂේප් ඔෆ් වෝටර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගිලමෝ ඩෙල්ටෝරෝ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනාගනු ලැබුවා.
