ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
91 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ ඩොල්බි රඟහලේදීයි.
සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ඇමරිකාවේ රමී මලෙක් හිමිකරගෙන තිබෙනවා.
හොඳම නිලිය සම්මානය එංගලන්තයේ ඔලිවියා කොල්මන් විසින් හිමිකරගත්තා.
