Gossips

ඔලිම්පික් කමිටු නිලවරණය අදයි

ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වු මාතෘකාවක් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ, කොළඹ පිහිටි ජාතික ඔලිම්පික් නිවහනේදීයි.
එහි නව නිලධාරී මඩුල්ල තෝරා ගැනීම සඳහා නිලවරණයක් පැවැත්වෙන්නේ වසර 09 කට පසුව වීමද විශේෂත්වයක්. වසර 04 කට වරක් නිලවරණ පැවැත්විය යුතු වූවද, අවසන් වරට ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වුණේ 2009 වසරේදීයි.
එතැන් සිට ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු කටයුතු කරන අතර එහි ලේකම් වන්නේ මැක්ස්වෙල් ද සිල්වායි.
මෙවර නිලවරණය සඳහා පාර්ශව දෙකක් මේ වනවිට ඉදිරිපත් වී ඇති අතර, ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඊට ඉදිරිපත් වී සිටින එක් පාර්ශවයක්.
අනෙක් පාර්ශවය වන්නේ ටෙනිස් සම්මේලනයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගේ පාර්ශවයයි.
වත්මන් ලේකම් ධුරය දරණ මැක්ස්වෙල් ද සිල්වාගේ සහායද සුරේෂ් සුබ්‍රමනියම්ට හිමිව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
නිලවරණය සඳහා ක්‍රීඩා සංගම් 31 ක් අද(23) දිනයේ ඡන්දය භාවිත කිරීමට නියමිතයි.