Gossips

ඔරුවල වානේ සංස්ථාවේ දැවි තෙල් ගබඩාවේ ටැංකියක් පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

අතුරුගිරිය – ඔරුවල පිහිටි වානේ සංස්ථාවේ දැවි තෙල් ගබඩාවේ ටැංකියක් පිපිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු 6 ට පමණ මෙම ගබඩාව තුළ තිබූ ටැංකියක පිපිරීමක් සිදුව ඇති බවයි.
පිපිරීමෙන් එහි සේවකයෙකුද තුවාල ලැබූ අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පිපිරීමත් සමඟ ඇතිවූ ගින්න කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ පාලනය කර තිබෙනවා.