Gossips

ඔරුවලදී වෙඩි වැදුණු බණ්ඩා ජාතික රෝහලට

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ අද දහවල් පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පාතාල සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ වෙඩි වැදීමෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුව ඇති බවයි.
ඒ අනුව, ඔහු ශල්‍යකර්මයක් සදහා යොමුකිරීමට නියමිතයි. තුවාල ලැබූ 30 හැවිරිදි සැකකරු පාතාල ප්‍රබලයන් වන මාකදුරේ මධූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක්.