Gossips

ඔරුවලදී පොලිසියෙන් පාතාලයේ බණ්ඩාට වෙඩි

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ අද දහවල් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දැනට විදේශ ගතව සිටින මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කා නැමති පාතාල සාමාජිකයන්ගේ සමීපතයෙකු වන හසිත හෙවත් බණ්ඩා නැමැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
තුවාල ලැබූ පාතාල කල්ලි සාමාජිකයා ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණ කළා.