පොතුවිල් – කූරංගමඩු කලපුවේ ඔරු පදිමින් සිටි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (31) පස්වරුවේ එම ඔරුව පෙරළී සිදුවූ අනතුරකින් ඔහු අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දියේ ගිලී මෙලෙස අතුරුදන් වී ඇත්තේ පොතුවිල් – හිදායාපුරම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙක්.
ඔහු සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරනු ලබනවා.


