ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් වෙත තැපෑලෙන් බෝම්බ යැවූ සැකකරු ෆ්ලොරිඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීසර් සයොක් නැමැති 56 හැවිරිදි මෙම පුද්ගලයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බෝම්බ යැවූ සැකකරු විසින් ට්‍රම්ප් විරෝධීන් ඉලක්ක කර ගැනීම ද විශේෂත්වයක්.
ඔබාමා සහ හිලරි ක්ලින්ටන්ට අමතරව ඩිමොක්‍රටික් පක්ෂයට මූල්‍යාධාර සපයන ප්‍රකෝටිපතියන් වෙත ද ඔහු මෙලෙස තැපැල් බෝම්බ යොමු කර තිබුණා.
