හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත්ව තිබෙනවා.
නිව්යෝක් හි පිහිටි ටයිම් වෝනර් ගොඩනැගිල්ලේ අන්තර් ලිපි හුවමාරු මධ්‍යස්ථානයක් වෙත ලැබී තිබූ අදාළ පාර්සල් පරීක්ෂා කරන අතරතුර එහි පුපුරණ ද්‍රව්‍ය ඇති බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.
අනතුරුව අදාළ ගොඩනැගිල්ලේ සියලූ පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරින් කටයුතු කළා.
සී.එන්.එන් ප්රවෘත්ති කාර්යාලය ද එම ගොඩනැගිල්ලේ පිහිටා ඇති අතර, ඒ හේතුවෙන් ලොව පුරා පිහිටි සී.එන්.එන් කාර්යාල සෝදිසි කිරීමකට ලක් කළ බව ද එහි සභාපති ජෙෆ් සකර් ප්‍රකාශ කළා.
පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟ ඔබාමාගේ සහ ක්ලින්ටන්ගේ නිවාසවල ආරක්ෂාව ද තර කිරීමට එරට බලධාරින් කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ජෝර්ජ් සෝරෝස්ගේ නිවසේ තිබී මීට දින කිහිපයකට පෙර බෝම්බයක් ද හමුවූ බවයි.