Gossips

ඔබාමාගේ ගිවිසුමක් ට්‍රම්ප් ඉවත් කරයි

2015 වසරේ දී ඔබාමා පරිපාලනය යටතේ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
එමෙන්ම, ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට යළි නව සම්බාධක පනවන බවයි.
ඇමරිකාව මෙම ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව තමන් යළි න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කරන බව ඉරානය ද පවසා තිබෙනවා.