Gossips

ඔත්තු දුන් ඇමතිවරු දෙදෙනෙකු ගැන අමරවීර ජනපතිට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරවීමේ උත්සාහයේදී ඇතමුන් වාසි ලබාගන්නා බවට එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළ දේම තමන්ද ප්‍රකාශ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට තොරතුරු සපයන අමාත්‍යවරුන් දෙදෙනෙකු පිළිබඳව තමන් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවයි.
හිටපු ඞී.අයි.ජී. නාලක ද සිල්වාද අත්අඩංගුවට ගත යුතු බවයි අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ.