Gossips

ඔඩ්ඩුසුඩාන් යුද උපකරණ අත්අඩංගුවට ගත් සිද්ධියේ පලාගිය සැකකරු අත්අඩංගුවට

මුලතිව් – ඔඩ්ඩුසුඩාන් හිදී ක්ලේමෝ බෝම්බයක් සහ යුද උපකරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පලාගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මාන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවයි.
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පසුගිය 22 වනදා අලූයම ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ක්ලෝමෝ බෝම්බයක් සහ යුද උපකරණ අත්අඩංගුවට ගත් අතර, මෙම සිද්ධියට අදාළව සැකකරුවන් සිව්දෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.