Gossips

ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉන්දියාවට

පාකිස්ථාන සංචාරය නිම කරමින් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉන්දියාවට පැමිණ තිබෙනවා.
දිල්ලි ගුවන්තොටුපලේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඔහුව පිළිගැනීම විශේෂත්වයක්.
අද රාත්‍රියේදී සෞදි කුමරු යළි ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිත අතර, ඊට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
කාශ්මීරයේදී ඉන්දීය හමුදා සෙබලූන්ට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.rn