Gossips

ඔක්කම්පිටිය – මොණරාගල මාර්ගයේ පුද්ගල මළසිරුරක්

බුත්තල – ඔක්කම්පිටිය – මොනරාගල මාර්ගයේ 122 කණුව අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඊයේ රාත්‍රියේ මොහු තවත් පිරිසක් සමඟ සාදයකට සහභාගිවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු කැබ් රථයකින් නැවත නිවස බලා යමින් සිටියදී ඉන් ඇද වැටී මෙලෙස මියගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මේ වනවිට මළ සිරුර ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.