Gossips

ඓතිහාසික සඳුන් පිළිම සොරකමේ සැකකරු අත්අඩංගුවට

කළුබෝවිල – ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ තිබූ ඓතිහාසික සඳුන් පිළිමය සොරකම් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සිදුකළ වැටලීමකදියි.
මීට දින කිහිපයකට පෙර කළුබෝවිල ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ වීදුරු කුටියක තැන්පත් කර තිබියදී ඓතිහාසික සඳුන් පිළිමයක් අතුරුදන් වී තිබුණා. එය වසර 400ක් පමණ ඉපැරණි පිළිමයක්.
එම විහාරස්ථානයේ හිමි නමක් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කෙරුණේ.
මාතලේ – අලූවිහාර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අතුරුදන් වූ මෙම සඳුන් පිළිමය සොයාගනු ලැබූ බව සඳහන්.
පරීක්ෂණ මෙහෙය වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම සොරකමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.