Gossips

ඒ 9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඒ 9 මාර්ගයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අලුයම කැබිතිගොල්ලෑව සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකින් බැසීමට ගිය පුද්ගලයෙකු එම රථයේම පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කැබිතිගොල්ලෑව – හල්මිල්ලවැටිය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.