Gossips

ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක් පිළිබඳ, අනතුරු ඇගවීමක්

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
විදේශිකයින් ද ඇතුළත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම මුදල් වංචාව ඉතා සැලසුම්සහගතව සිදුකරන බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව ඔවුන් ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවි කර ගනුදෙනුකරුවන් විසින් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන කාඞ්පත්වල දත්ත සොරා ගැනීම සිදුකරනු ලබනවා.
පසුව එම දත්ත උපයෝගී කර ගනිමින් ව්‍යාජ ලෙස ඒ.ටී.එම්. කාඞ්පත් සකස් කර ඒ හරහා මෙම ජාවාරම සිදුකර ඇති බව සඳහන්.
මෙවැනි සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවට සැක පළ කරන පුද්ගලයින්ගේ ඡායාරූප කිහිපයක් ද ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව ඇති සී.සී.ටී.වී. ආරක්ෂිත කැමරා මගින් ලැබී තිබෙනවා.