Gossips

ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ සැකකටයුතු ලෙස ගැවසෙන්නන් ගැන විමර්ශන

සී සී ටී වී දර්ශන පථයට හසු නොවන ලෙස ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ සැකකටයුතු අන්දමින් රැදී සිටින පුද්ගලයින් පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු අනාවරණ වීමත් සමඟයි.
පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ මෙම සිදුවීම්වලට අදාළව මේ වන විටත් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔවුන් ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවි කර ගනුදෙනුකරුවන් විසින් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන කාඞ්පත්වල දත්ත සොරා ගෙන ව්‍යාජ කාඞ්පත් සකසා රුපියල් ලක්ෂ 12 ක පමණ මුදල් වංචා කර ඇති බවයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.
ඔවුන් සන්තකයේ තිබී එලෙස සකස් කරන ලද ව්‍යාජ ඒ.ටී.එම්. කාඞ්පත් 200 ක් ද සොයාගැනුනා.