ජාතික සමගිය හා සංහිදියාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (11) දිවුරුම් දුන්නා.
ඔහු මීට පෙර ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි කටයුතු කළේ.
එමෙන්ම, ජනාධිපති නීතිඥ ආරියබණ්ඩාර රැකව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පසුගියදා සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව පසුගියදා අමාත්‍යවරුන් 18 දෙනෙකු මෙන්ම, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
