Politics Sri Lanka

ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියට – යළිත් කෙනෙහිලිකම්

ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියට – යළිත් කෙනෙහිලිකම්

විදුහල්පතිවරයකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් එහි ඉගෙනුම ලබන දැරියකගේ පාසල් ගමන නතර වීමේ පුවතක් ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකි. මේ සිසුවිය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ද නියමිතය.

විනෝද චාරිකාවක් යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා විදුහලේ මවුපියන් කැඳවා, පසුව සියලු ළමුන්ද සහභාගි කර ගනිමින් පසුගිය වසරේ මේ සිසුවිය සම්බන්ධ පුවතක් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක ආධාරයෙන් පෙන්වීම මේ සිසුවියගේ අධ්‍යාපන ගමන නතර කරවීමට හේතුවී තිබේ. මේ සිදුවීම නිසා පසුගිය වසරේද මාසයකට ආසන්න කාලයක් නිවෙසට වී කාලය ගත කිරීමට මේ සිසුවියට සිදුවිණි.

මේ ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත් වූ අතර එහි උසස් නිලධාරියකු ඉකුත් වසරේ ජුනි මස 09 වැනිදා මෙම ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණ ළමයින් සතු අධ්‍යාපන අයිතිය කිසිදු ලෙසකින් උල්ලංඝනය කළ නොහැකි බව පාසලේ විදුහල්පතිවරයා සහ සෙසු ගුරු මඬුල්ලට පමණක් නොව ගණේමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාටද පෙන්වා දෙන ලදී.

එම වසරේ මාර්තු මස 17 වැනිදා සිට මැයි මස මැද භාගය තෙක් මෙම දැරියට එරෙහිව පාසලට සම්බන්ධ සෙසු ප්‍රජාව හැසිරී ඇති ආකාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරියාගේ දෝෂදර්ශනයට ද ලක්විණි.

මෙම දැරියගේ මව VHI මර්දන වැඩසටහන්වලට සම්පත් දායිකාවක ලෙස ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීම වරදක්ය යන ආකල්පය ඇතිවීම මේ දැරියට කෙනෙහිලිකම් සිදුවීමට ප්‍රධාන හේතුව වූ අතර ඇයට VHI වැලඳී ඇති බවට ප්‍රචාරයක් යන ලදී.

මානව හිමිකම් කොමිසමේ වැඩබලන අධ්‍යක්‍ෂ නිහාල් චන්ද්‍රසිරි මහතාගේ නියෝගය පරිදි එවර මේ දැරිය පාසලට භාර ගැනීමට විදුහල්පතිවරයා කැමැත්ත පළ කළ අතර ඒ අනුව ඉදිරියේදී මේ දැරියට කිසිදු වෙනස්කමක් සිදු නොවීමට වග බලා ගත යුතු බවට වූ නියෝගයක් ද කෙරුණි.

මේ දැරිය සම්බන්ධව මාධ්‍ය තුළ පළවූ සිදුවීම් කිහිපයක් විදුහල්පතිවරයා විසින් පසුගිය 20 වැනි දින පෙන්වීම විදුහලේ ගුරුවරුන්ගේ දෝෂදර්ශනයටද ලක්ව ඇත.

කෙසේ නමුත් එම පාලසලේ විදුහල්පතිවරා මාධ්‍යවෙත පවසා ඇත්තේ තමන් එම දරැය සම්බන්ධයෙන් හෝ දෙමව්පියන් සම්බන්ධයෙන් කිසිවක් නොපෙන්වූ බවයි.