Gossips

ඒකීයභාවය සුරකින බව ජනපති කියයි

තමන්, රටේ ඒකීයත්වයට හානිවන කිසිවක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර – හක්මන ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද පස්වරුවේ එක්වෙමින්.
ජාතික සමගිය සහ සංහිඳියාව තහවුරු කරමින් ඒකීය රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙලේදී රටේ ඒකීය භාවය සුරකිනවා මිස කිසිදු අවස්ථාවක රට කැඞීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.
උතුරේ ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ හ`ඩක් නැගුණේ අද ඊයේ නොව දීර්ඝ කාලයක සිට බව සඳහන් කළ ජනාධීපතිවරයා කිසිදු රජයකින් ඊට ඉඩක් නොලැබුණා සේම තමාගෙන්ද ඊට ඉඩක් නොලැබෙන බවයි පෙන්වා දුන්නේ.