Gossips

ඒකීයත්වයට හානියක් නැහැ – එජාපය කියයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා ත්‍රිත්වයෙන්ම ඇති පිටපත්වල රට ඒකීය රාජ්‍යයක් බවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියා.
එක්සත් ජාතික් පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මහනුවර දී අස්ගිරි – මල්වතු මහානාහිමිවරුන් බැහැ දුටු අතර, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් ඔවුන් කරුණු පැහැදිලි කළා.