Gossips

ඒකාබද්ධ විපක්ෂය පළාත් තුනක ජන්දය ඉල්ලයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂ නායකයින් අද (14) රැස් වනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ ඔහුගේ නිල නිවසේදීයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහන් කළේ මෙම සාකච්ජාවේදී විශ්වාසභංග යෝජනාව ගෙන එන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට හැකි බවයි.
එමෙන්ම, ඉදිරි දේශපාලන වාතාවරණය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති.
එමෙන්ම, මේ මාසයේ කාලය අවසන් වීමට නියමිත නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල මැතිවරණ පවත්වන දිනය රජය ප්‍රකාශයට පත් කළ යුතු බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ.