Gossips

ඒකාබද්ධ විපක්ෂය අදත් තීරණාත්මක සාකච්ඡාවකට රැස්වෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද (16) පැවැත්වෙනවා.
විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසෙහි මෙම සාකච්ඡාව අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
ඊයේ (15) දිනයේදී ද හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුණා.
අද (16) පැවැත්වෙන සාකච්ඡාවේදී නව ආණ්ඩුවක් සැකසීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය ලබාදීම පිළිබදව සංවාදයට බදුන්වනු ඇති.