Gossips

ඒකාබද්ධ විපක්ෂයේ සාමූහිකත්වය බිඳ වැටීමක් ගැන පා.ම. විදුර කියයි

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයින් සිදුකරන ප්‍රකාශ නිසා සාමූහිකත්වය බිඳීමට ලක්වන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා.
හොරණ පිහිටි ඔහුගේ නිවසේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඔහුගේ ආශිවාර්දයෙන් ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයෙකුට ජනතාව සහය පළ කරනු ඇති බවයි.
‘‘5 වැනිදාට අපි එනවා ජනතාවත් එක්ක. ජනතාවයි මේකෙ නායකත්වය ගන්නේ.
ජනතාවගේ පීඩනයට තව තවත් පීඩනය එක් කරන ආණ්ඩුව දැන් හිටිය ඇති කියන තේමාව යටතේයි මේක කරන්නෙ. බස් දාන්නෙ නැහැ කියලා බස්වලට යන්න එපා කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. ජනතාව පයින් හරි එයි.
අපේ නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන කිසිම සැකයක් නැහැ. එතුමා ඡන්දය ඉල්ලන්නෙ නැත්නම් එතුමාගේ ආශිර්වාදය යටතේ එන ඕනෑම කෙනෙකුට ජනතාව උදව් කරයි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. අපේ ජ්‍යෙෂ්ඨයි කියලා කියන සමහරු කයිවාරු ගහනවා තැන් තැන් වල ගිහිල්ලා. කඩපිල් ගානේ කියන කතා, ළිං පඩිවල කියන කතා කිය කිය එක එක්කෙනාට අපහාස කරනවා. මේ තියෙන සාමුහිකත්වය බිෙදනවා. ඒ හින්ද බොහෝම ගෞරවයෙන් කියන්නෙ ඒ අයට. ජ්‍යෙෂ්ඨකම පැත්තකින් තියන්න. කට පියාගෙන ඉන්න. මේ වෙලාවේ සාමුහිකත්වය බිදෙන ප්‍රකාශ නෙවෙයි අවශ්‍යය. ගග ලගට ගියාම බලමු ගඟෙන් එගොඩ වෙන්නෙ කොහොමද කියලා. තොටියා කවු ද කියලා. දැන්ම ඉදන් ඒවා තෝරගන්න යන්න ඕනෙ නැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ අපි සංවිධාන ගත වෙමු. ’’